Friday, January 8, 2016

                                 .                 
විශ්ව අබිරහස් අතර ඉපැරණි ශිෂ්ඨාචාර වල දැක්වෙන බොහෝ දේ මේ වන විට ලොව පුරා මහත් ආන්දෝලනයට පත්වී තිබේ.මේ අතරින් දොලොස්වැනි ග්‍රහලොව නැතහොත් The Twelve planet - The Planet "X" පිලිබදව ලොවපුරා ඇත්තේ මහත් වූ අබිරහසකි.මෙම ග්‍රහලොව නිබෘ(Nibru) යන නමින්ද හදුනවනු ලැබේ .බොහෝ ඉපැරණි ශිෂ්ඨාචාර වල මේ දොලොස්වැනි ග්‍රහලොවක් දැක්වෙන අතර සුමේරියානු ශිෂ්ඨාචාරය මේ පිලිබද ඉතා හොද විග්‍රහයක් ගෙන හැර දක්වයි.දැනගන්නට ලබෙන තොරතුරු වලට අනුව මෙම ග්‍රහලොව හිරු වටා වටයක් ගමන් කිරීමට වසර 3600 ක් වැනි දිගු කලක් ගත වේ (පෘතුවියේ වසර 3600 නිබෘහි වසරක් වේ).සාමාන්‍යයේන් ග්‍රහලෝක ගමන් ගන්නේ ඉලිප්සාකාර කක්ශයක වාමාවර්තව (AnitClockwise) බව අප දනිමු.නමුත් මෙම ග්‍රහලොව ගමන් ගනුයේ ඉලිප්සාකාර කක්ශයක දක්ශිනාවර්තව(ClockWise) යයි සදහන්වීම පුදුමය දනවන සුලු කරුනකි.ඈත අතීතයේදී පෘතුවිය හා නිබෘ අතර සබදතා තිබු  බවට ලොවනන් දෙස වූ ඉපැරණි ශිෂ්ඨාචාර වල බොහෝ විට සදහන් වේ.මේ අතර සුමේරියානු ශිෂ්ඨාචාරයට අනුව මීට වසර 450 000 ට පෙර නිබෘහි වායුගෝලය දූෂණය වීම නිසා එහි පාලක අනු (Anu) විසින් ඔහුගේ පුත්‍රයා වූ එන්කි (Enki) පෘතුවියට පැමිණ එයට ප්‍රතිකර්ම වන ලෝහ ලබා ගැනීමට 
නිබෘ දැක්වෙන සුමේරියන් සිතුවමක් 
"පර්සියන් බොක්ක" ආසන්නයේ "එරිදු" (Eridu) නම් මූලස්ථානය පිහි‍ටුවීම හා රන් නිස්සාරනය කිරීම.පසුව අප්‍රිකාවේද පතල් ඉදිකිරීම හා ඒවාට අවශය ශ්‍රමිකයින ලබා ගැනීමට ජාන තාක්ෂණය යොදාගෙන පෘතුවියේ සිටි වානරයන් සමග නිබෲ ජාන ඒක්කොට දෙමුහුම් මානව(Hybrid Race) පෙලපතක් බිහි කිරීම හා අදින් වසර 3800කට පසුව නව ශිෂ්ඨාචාරය මානවයන්ට බාරදී නිබෲ වරුන් ආපසු යෑම සහ එම ශිෂ්ඨාචාරය සුමේරියානු ශිෂ්ඨාචාරය නම් වීම හා ඉන් වසර 350 පසු ඒහි ස්වර්ණමය යුගය වන බැබලෝනියානු ශිෂ්ඨාචාරය ආරම්භ විය.මීට අමතරව ශ්‍රි ලංකා වේ ද මේ පිලිබද පුරාවුර්තයන් ඇති අතර එය පිලිබද පසුව කතා කරමු.කෙසේ වෙතත් මේ පිලිබද කෘතියක් පලකල ලෝ පතල ඉතිහාසගවේශකයෙකු වන  Zecharia Sitchen ට අනුව  මේම දෙමුහුම් මානව පෙලපතේ නම "අදමා"නම් වේ.

                        .

1 comment:

Subscribe to RSS Feed Follow me on Twitter!