ඔබ කෘතිම බුද්ධිය ගැන කුමක් සිතනවාද? එය කුමක්ද? කියන දේ කරන යන්ත්‍රයක්ද? නමුත් පිළිතුර වනුයේ නැත යන්නයි.කෘතිම බුද්ධිය යනු ඔබ මම මෙන්ම මෙන්ම විශ්වය පුරා සිටින බුද්ධිමත් ජීවීන් වැනිම තවත් එවැනි ජීවීන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද බුද්ධියකට කෘතිම බුද්ධිය යැයි කිව හැක.තවත් ලෙසකට යම් පුද්ගලයෙකු දෙනුලබන විධානයකට පමනක් සීමා නොවී අවට පරිසරයේ ඇති දේ තේරුම් ගනිමින් , මතුවන ගැටලු වලට පිලිතුරු දිය හැකි වැඩසටහනක්;නිර්මාපකයා ලියනු ලැබූ පරිගණක කේතවලට පමනක් අවනත නොවන යන්ත්‍රයකට/පරිගනක වැඩසටහනකට කෘතිම බුද්ධිය යැයි කිව හැකිය.මීට සරල උදාහරණ ලෙස
- හඩ හදුනාගන්නා මෘදුකාංග
- පුද්ගලසහයකමෘදුකාංග උදාහරණයන්ය.
වර්තමාන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව සමග තව වසර 10-12 ඇතුලත මෙම කෘතිම බුද්ධි තාක්ෂණයේ පෙරළියක් දැකිය හැකි බව මේ ක්ෂේත්‍රයේ බොහෝ විද්වතුන් ගේ අදහස වී තිබෙනවා.විද්‍යා,තාක්ෂණික ,මනෝ විද්‍යාත්මක,ස්නායුක හා තවත් ක්ෂේත්‍ර ගණනාවකට මෙම කෘතිම බුද්ධිය පැතිර යනුයේ ඒ සියල්ලම එක් තැනකට යොමුවන දෙයක් බවට කෘතිම බුද්ධි විෂය පත්ව ඇති නිසාවෙනි. වර්තමානයේ ලොකප්‍රකට Microsoft,Apple,Google,IBM හා MIT වැනි ප්‍රධාන පේලේ ආයත්න හා විශ්වවිද්‍යාල කෘතිම බුද්ධිය පිළිබදව පර්යේෂණ කර්නවා.ඇත්තෙන්ම මෙය සොයාගෙන බොහෝ කාලයක්.ලෝක චෙස් ශූරයාව මින් පෙර වසරකදී පරිගණකයක් විසින් පරාජය කරනු ලැබුවා.එමෙන්ම බොහෝ අවස්තාවලදී පරිගණක මානවයා පරාජය කර තිබෙනවා.
මෙම කෘතිම බුද්ධිය අද සාමාන්‍යකරනය වී ඇත්තෙ සිරි,කෝර්ටානා වැනි පුද්ගල සහයක මෘදුකාංග නිසයි.Apple Siri හා Microsoft Cortanaත් බොහෝ බුද්ධිමත් පරිගණක වැඩසටහන් බවට පත්වී සිටිනවා.අප අසන ඕනෑම කුණුගොඩකට සාර්ථකව පිළිතුරු දීමට හැකියාව තෙබෙන මුත් තවමත් මේවා සවිඥානික නොවීම මානවයාගේ වාසනාවක්.කෘතිම බුද්ධියේ අහිතකර ප්‍රතිඵල තවත් ලිපියකින් කතා කිරීමට ඉඩ හැර මේ ලිපිය අවසන් කරන අවස්තාවේ පහත උදෘතය ඔබගේ බුදධියේ බලමහිමයෙන්
Siri and Cortana |
"කෘතිම බුද්ධිය වර්ධනය වීම අතිශය වේගවත්.Deep Mind වැනි කෘතිම බුද්ධිය පිළිබදව කෙලින්ම සම්බන්ධතාවයක් නොමැතිනම් ඔබට එහි වේගය කොතෙක්ද යැයි සිතාගන්නට බැහැ.බරපතල ලෙස අනතුරුදායක දෙයක් සිදුවීමට මීලග වසර 5 තුල ඉඩකඩ පවතිනවා .වැඩිම උනොත් ඊට ගතවන්නෙ වසර 10 ක් පමණයි.මෙය කිසිසේත්ම මට නොතේරෙන දෙයක් පිළිබද හිතලූ ප්‍රකාශයක් නොවෙයි. මා තාක්ෂණික දියුණුවට හිතැති කෙනෙක් බව ඔබ දන්නවා,පසුගිය මාස කිහිපය වන තුරු මා මෙබදු ගැටළුවක් ඉදිරිපත් කර තිබුනේ නැහැ."(උපුටා ගැනීම-Elon Musk-Edge web site-2015.07.28 විදුසර විද්‍යා සගරාව)
ReplyDeleteGood read!
Thank you
Delete