Friday, January 8, 2016

                                 .                 
විශ්ව අබිරහස් අතර ඉපැරණි ශිෂ්ඨාචාර වල දැක්වෙන බොහෝ දේ මේ වන විට ලොව පුරා මහත් ආන්දෝලනයට පත්වී තිබේ.මේ අතරින් දොලොස්වැනි ග්‍රහලොව නැතහොත් The Twelve planet - The Planet "X" පිලිබදව ලොවපුරා ඇත්තේ මහත් වූ අබිරහසකි.මෙම ග්‍රහලොව නිබෘ(Nibru) යන නමින්ද හදුනවනු ලැබේ .බොහෝ ඉපැරණි ශිෂ්ඨාචාර වල මේ දොලොස්වැනි ග්‍රහලොවක් දැක්වෙන අතර සුමේරියානු ශිෂ්ඨාචාරය මේ පිලිබද ඉතා හොද විග්‍රහයක් ගෙන හැර දක්වයි.දැනගන්නට ලබෙන තොරතුරු වලට අනුව මෙම ග්‍රහලොව හිරු වටා වටයක් ගමන් කිරීමට වසර 3600 ක් වැනි දිගු කලක් ගත වේ (පෘතුවියේ වසර 3600 නිබෘහි වසරක් වේ).සාමාන්‍යයේන් ග්‍රහලෝක ගමන් ගන්නේ ඉලිප්සාකාර කක්ශයක වාමාවර්තව (AnitClockwise) බව අප දනිමු.නමුත් මෙම ග්‍රහලොව ගමන් ගනුයේ ඉලිප්සාකාර කක්ශයක දක්ශිනාවර්තව(ClockWise) යයි සදහන්වීම පුදුමය දනවන සුලු කරුනකි.ඈත අතීතයේදී පෘතුවිය හා නිබෘ අතර සබදතා තිබු  බවට ලොවනන් දෙස වූ ඉපැරණි ශිෂ්ඨාචාර වල බොහෝ විට සදහන් වේ.මේ අතර සුමේරියානු ශිෂ්ඨාචාරයට අනුව මීට වසර 450 000 ට පෙර නිබෘහි වායුගෝලය දූෂණය වීම නිසා එහි පාලක අනු (Anu) විසින් ඔහුගේ පුත්‍රයා වූ එන්කි (Enki) පෘතුවියට පැමිණ එයට ප්‍රතිකර්ම වන ලෝහ ලබා ගැනීමට 
නිබෘ දැක්වෙන සුමේරියන් සිතුවමක් 
"පර්සියන් බොක්ක" ආසන්නයේ "එරිදු" (Eridu) නම් මූලස්ථානය පිහි‍ටුවීම හා රන් නිස්සාරනය කිරීම.පසුව අප්‍රිකාවේද පතල් ඉදිකිරීම හා ඒවාට අවශය ශ්‍රමිකයින ලබා ගැනීමට ජාන තාක්ෂණය යොදාගෙන පෘතුවියේ සිටි වානරයන් සමග නිබෲ ජාන ඒක්කොට දෙමුහුම් මානව(Hybrid Race) පෙලපතක් බිහි කිරීම හා අදින් වසර 3800කට පසුව නව ශිෂ්ඨාචාරය මානවයන්ට බාරදී නිබෲ වරුන් ආපසු යෑම සහ එම ශිෂ්ඨාචාරය සුමේරියානු ශිෂ්ඨාචාරය නම් වීම හා ඉන් වසර 350 පසු ඒහි ස්වර්ණමය යුගය වන බැබලෝනියානු ශිෂ්ඨාචාරය ආරම්භ විය.මීට අමතරව ශ්‍රි ලංකා වේ ද මේ පිලිබද පුරාවුර්තයන් ඇති අතර එය පිලිබද පසුව කතා කරමු.කෙසේ වෙතත් මේ පිලිබද කෘතියක් පලකල ලෝ පතල ඉතිහාසගවේශකයෙකු වන  Zecharia Sitchen ට අනුව  මේම දෙමුහුම් මානව පෙලපතේ නම "අදමා"නම් වේ.

                        .

Thursday, August 6, 2015


                       

                                           ඔබ කෘතිම බුද්ධිය ගැන කුමක් සිතනවාද? එය කුමක්ද? කියන දේ කරන යන්ත්‍රයක්ද? නමුත් පිළිතුර වනුයේ නැත යන්නයි.කෘතිම බුද්ධිය යනු ඔබ මම මෙන්ම මෙන්ම විශ්වය පුරා සිටින බුද්ධිමත් ජීවීන් වැනිම තවත් එවැනි ජීවීන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද බුද්ධියකට කෘතිම බුද්ධිය යැයි කිව හැක.තවත් ලෙසකට යම් පුද්ගලයෙකු දෙනුලබන විධානයකට පමනක් සීමා නොවී අවට පරිසරයේ ඇති දේ තේරුම් ගනිමින් , මතුවන ගැටලු වලට පිලිතුරු දිය හැකි වැඩසටහනක්;නිර්මාපකයා ලියනු ලැබූ පරිගණක කේතවලට පමනක් අවනත නොවන යන්ත්‍රයකට/පරිගනක වැඩසටහනකට කෘතිම බුද්ධිය යැයි කිව හැකිය.මීට සරල උදාහරණ ලෙස
  •                                                                   හඩ හදුනාගන්නා මෘදුකාංග
  •                                                                  පුද්ගලසහයකමෘදුකාංග                                                                         උදාහරණයන්ය.
     
වර්තමාන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව සමග තව වසර 10-12 ඇතුලත මෙම කෘතිම බුද්ධි තාක්ෂණයේ පෙරළියක් දැකිය හැකි බව මේ ක්ෂේත්‍රයේ බොහෝ විද්වතුන් ගේ අදහස වී තිබෙනවා.විද්‍යා,තාක්ෂණික ,මනෝ විද්‍යාත්මක,ස්නායුක හා තවත් ක්ෂේත්‍ර ගණනාවකට මෙම කෘතිම බුද්ධිය පැතිර යනුයේ ඒ සියල්ලම එක් තැනකට යොමුවන දෙයක් බවට කෘතිම බුද්ධි විෂය පත්ව ඇති නිසාවෙනි. වර්තමානයේ ලොකප්‍රකට Microsoft,Apple,Google,IBM හා MIT වැනි ප්‍රධාන පේලේ ආයත්න හා විශ්වවිද්‍යාල කෘතිම බුද්ධිය පිළිබදව පර්යේෂණ කර්නවා.ඇත්තෙන්ම මෙය සොයාගෙන බොහෝ කාලයක්.ලෝක චෙස් ශූරයාව මින් පෙර වසරකදී පරිගණකයක් විසින් පරාජය කරනු ලැබුවා.එමෙන්ම බොහෝ අවස්තාවලදී පරිගණක මානවයා පරාජය කර තිබෙනවා.

Siri and Cortana
                                                                                                                                                  මෙම කෘතිම බුද්ධිය අද සාමාන්‍යකරනය වී ඇත්තෙ සිරි,කෝර්ටානා වැනි පුද්ගල සහයක මෘදුකාංග නිසයි.Apple Siri හා Microsoft Cortanaත් බොහෝ බුද්ධිමත් පරිගණක වැඩසටහන් බවට පත්වී සිටිනවා.අප අසන ඕනෑම කුණුගොඩකට සාර්ථකව පිළිතුරු දීමට හැකියාව තෙබෙන මුත් තවමත් මේවා සවිඥානික නොවීම මානවයාගේ වාසනාවක්.කෘතිම බුද්ධියේ අහිතකර ප්‍රතිඵල තවත් ලිපියකින් කතා කිරීමට ඉඩ හැර මේ ලිපිය අවසන් කරන අවස්තාවේ පහත උදෘතය ඔබගේ බුදධියේ බලමහිමයෙන්

"කෘතිම බුද්ධිය වර්ධනය වීම අතිශය වේගවත්.Deep Mind වැනි කෘතිම බුද්ධිය පිළිබදව කෙලින්ම සම්බන්ධතාවයක් නොමැතිනම් ඔබට එහි වේගය කොතෙක්ද යැයි සිතාගන්නට බැහැ.බරපතල ලෙස අනතුරුදායක දෙයක් සිදුවීමට මීලග වසර 5 තුල ඉඩකඩ පවතිනවා .වැඩිම උනොත් ඊට ගතවන්නෙ වසර 10 ක් පමණයි.මෙය කිසිසේත්ම මට නොතේරෙන දෙයක් පිළිබද හිතලූ ප්‍රකාශයක් නොවෙයි. මා තාක්ෂණික දියුණුවට හිතැති කෙනෙක් බව ඔබ දන්නවා,පසුගිය මාස කිහිපය වන තුරු මා මෙබදු ගැටළුවක් ඉදිරිපත් කර තිබුනේ නැහැ."(උපුටා ගැනීම-Elon Musk-Edge web site-2015.07.28 විදුසර විද්‍යා සගරාව)
              

Sunday, March 1, 2015


අප ගේ නවතම දුරකතන මෘදුකාංගය ලගදීම ඔබ වෙතට.එමගින් ඔබ සැමට ලොව කොතැනක සිටියත් අප සමග ‍රැදී සිටීමට හකියාව.

Friday, August 29, 2014

ලොව ඇති ගුප්ත ස්ථාන අතුරින් බර්මියුඩා ත්‍රිකෝණය නමැති ස්ථානය සුවිශේෂී ස්ථානයක් ලබාගනී.අතලන්තික් සාගරයේ පිහිටා ඇති මෙම අත්භූත ස්ථානය පිහිට ප්‍රදේශයෙන් ගමන් ගත් ගුවන් යානා හා නැවි වලට සිදුවූයේ කුමක්ද යන්න අදටත් ලොවටම ප්‍රේහේළිකාවක්ව පවතී.මෙම ප්‍රදේශය තුලිනි ගමන් ගත් ගුවන් යානා හා නැවි අත්භූත ලේස අතුරුදහන්ව ඇත.මේ සිදීන් අතර Flight 19යන ගුවන් යානා 19වයම අතුරුදන් වීම,විශාල ප්‍රමාණයේ නැවි අතුරදන් වීම ලොවම කැළැඹු සිදීන් ලෙස ගත හැක.
                                                                                      මෙම ප්‍රදෙශයෙන් ගමන් ගන්නා ගුවන් යානා හා නැව්වල මාලිමා,Digital GPS පද්ධති හා අනෙකුත් විද්‍යුත් පද්ධති අක්‍රීය වේ.විද්‍යාඤයන් පවසන ආකාරයට මෙම ප්‍රදේශය තුල විශාල ප්‍රමාණයේ මිතේන් නිධියක් ඇත.මීතේන් සාමාන්‍ය ආකාරයට පවතින විට ඝනව පවතී.නමුත් මුහුද යට විශාල අයිස් තට්‍ටු ලෙස පවතී.මෙවා මුහුදේ තැන්පත්ව ඇත්තේ මුහුදු මටටමේ සිට යාර 1000කට වඩා පහළින් අයිස් ආකාරයෙනි.
        නමුත් පහලින් පවතින මීතේන් වලින් ගුවන් යානා වලට අනතුරක් කළ හැකිද?මේ තවත් ලොවට හෙලිනොවූ අභිරහසකි

Monday, August 25, 2014

විශ්ව ඉතිහාසය තුල පිටසක්වලයන් යනු තවත් අමුතු මාතෘකාවක් නොවනු ඇත.මන්ද ආදිමතයන් විසි කරන ලද බොහෝ දේ දැකීමේ දී පෙනී යන්නේ මේවාට තවත් මොනයම් හෝ ලොවකින් උදවුපදවු කර ඇති බවය.ඒ අනුව අපි අද අපේ පිටසක්වලයන් හා ඉතිහාසය යන මාතෘකාවේ පළමු කොටස ලෙස අප රටෙහිම පිහිටා ඇති විශ්ව සිතියමක් ලෙස හැදින්වෙන අනුරාධපුර පූජා නගරයේ පිහිටා ඇති රන්මසු උයනෙහි ගලක් මතකොටා තිබෙන මෙම ගල්සිතියම පිලිබදව කතාකරමු.
                                                                 
අනුරාධපුරය ලෝක උරුම නගරයේ ඇති බෞදධයන්ගේ පූජනීය ස්ථානයක් වන ඉසුරුමුණිය විහාරය ආශ්‍රිතව පිහිටා ඇති රන්මසු උයනෙහි ගලක යම් විශේශ ගල් කෙටීමක් ඇත.එය බොහෝ දෙනා පවසන පරදි විශ්වය පිලිබදව වන ආකෘතියකි,නැතිනම් පිටසක්වළ ජීවීන් හා සම්බන්ධවිය හැකි යතුරකි(Star Gate).කෙසේ හෝ වෙවා මෙම සිතියම ලෝක උරුමයක්(යම් දිනක විශ්ව උරුමයක් වීමටද ඉඩ ඇත!)බව මාගේ මතයයි.මෙම මත අතරින් වඩාත්ම පිලිගැනෙන මතය වන්නෙ මෙය විශ්වය පිළිබදව වන යම් සිතියමක් බවයි.මෙම සිතියමට සමාන තවත් මෙවැනි සිතියමක් මිසරයේ ඇත.එසේනම් ලංකාවේ හා මිසරයේ මෙම සිතියම් නිරමාණය කළේ ඇයි.පර්යේෂකයන් ගේ හා විද්‍යාඤයන් ගේ කීමට අනුව මෙම සිතියමෙහි කළු කුහර,කෂීරපථ හා තාරාකා ද ලකුණු කොට ඇත.
                                                                                                              තවද මේම සිතියම වටෙහි විවිධ ජලජ ජීවින් කොටා ඇත.වුර්තාකාර රවුමක් අකාර මෙම සිතියම ඉදිරියෙහි ඇති ගලෙහි එම ගලේන් කෙනෙකුට හිදගත හැකි අයුරෙන් අසුනක්ද(පු‍ටුවක් වැනි)නිර්මාණය කොට ඇත.සමහර අයගේ මතයට අනුව මෙය රිසිවරයන්ට භාවනා කිරීමට නිර්මාණය කොට ඇති අසුනකි.

මෙවැනි අති සූක්ෂම අයුරින් සිතියමක් අප ආදි මුතුන්මිත්තන් නිරමාණය කොට ඇත්තේ කුමක් සදහාද?,නැති නම් වෙනත් කවුරුන් හෝ ජීවීන්පිරිසක් මෙය නිර්මාණය කලාද යන්න තවමත් විසදිය නොමැති ගැටළුවකි.මෙම ප්‍රශනයට පිළිතුරු ලැබෙන්නට අවම වශයෙන් තවත් වසර සියයක්වත් ගතවනු නොවනු මානය.

Sunday, August 24, 2014

      පිරමීඩ-හැදින්වීම 

ඔබ රෑ අහස බලන විට අපූරු තරුරටා දැක ඇතිබවට නම් සැකයක් නොමැත.ඔබ මෙලෙස අහස බලනවිට දැක තිබේද දඩයක්කරුවෙකුගෙ හැඩය ඇති තාරකා රටාවක්.බොහෝ විට ඔබෙ පිලිතුර "ඔව්" යන්නයි.ජනප්‍රිය තරුරටාවක් වන ඔරායන් නොහොත් දඩයක්කරු තරුරටාවේ ඔහුගේ බදපටියේ ඇති තරු ත්‍රිත්වයට අනුරූපව ගීසාහි පිරමීඩ පිහිටා ඇතිබව ජනප්‍රිය මතයකි.මෙම මතය සත්‍යක් නම් මෙම පිරමීඩ මෙලෙස නිර්මාණය කර ඇත්තේ ඇයිද?නැතිනම් මෙය අහබුවක් ද?තවද පිරමීඩ වල පහලකොටස ඩ්‍රැව තාරකාවට ඉලක්කකොට නිර්මාණය කර ඇතිබවද සමහර විද්වතුන්ගේ මතයයි.නමුත් සමාහරුන්ගේ මතය වන්නේ ඕනැම ගොඩනැගිල්ලකම බොහෝ සමානකම් ඇති බවයි.
                                                       
  නමුත් සත්‍ය කුමක්ද?,ශ්‍රී ලංකාවේ ඇති පූජනීයම ස්ථාන වන රුවන්වැලි සෑය,මිරිසවැටිය හා ඡෙතවනය පිහිටා ඇත්තේද මේ ඔරායන් තරු රටාවට අනුව බව බොහෝදෙනාගේ මතයයි.තවත් නව මත්යක් වන්නේ පිරමීඩ සදා ඇත්තේ අප ග්‍රහලෝකයේ සිට අන් ග්‍රහලෝක වලට දත්ත යැවීම සදහා බවයි.එසේ නම් ඒ කුමකටද?අ

                          මේ සියල්ල අපි ඉදිරියේ දී කතාකරමු.එන්න අප සමගම

Wednesday, August 20, 2014




මහාවංශයට හා (මහාවංශටීකාව) අනුව ඉන්දියානු කාලිංග වංශික විජය යනු, පීතෘ ඝාතක සිංහබාහු නම් ස්‌වකීය සොයුරියම විවාහ කරගත් රජකුගේ පුත්‍රයෙකි. මහාවංශටීකාව අනුව සවෙනි පරිච්ඡේදයට අනුව විජය කවරෙක්‌ද යනු හොඳින් පෙන්වා දෙයි.
විජයෝ විසමාචාරො ආසි තම්පරිසා පිච
සාහසාකි අනෙකාසි දුස්‌සහානි කාරිම සුතේ – 39 ගාථාව

මෙම ගාථාව අනුව විසමාචාරො ආසි යනු – විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. තම්පරිසාපිච යනු – ඔහුගේ පිරිස විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. සහසාර්කි යනු – ස්‌ත්‍රී දූෂණ, මංපැහැරීම්, ගම පැහැරීම් වැනි සැහැසිකම් කරන්නෝ යන්නයි. මේ අනුව අපගේ මහාවංශය විජය නමැති දාමරික පවිටු අදම පුද්ගලයා පිළිබඳ පැහැදිලි හැඳින්වීමක්‌ කර ඇත. මහාවංශය හා මහාවංශටීකාව මෙරට ඉතිහාසය මනා ලෙස පෙන්වන ඓතිහාසික වටිනාකමක්‌ ඇති ග්‍රන්ථයක්‌ය.



සම්බජ තරේච දුතියං අහෝසි තතියං පන කුද්ධෝ මහාප්නො අහපුත්තං සතෙහිතෙ ඉති. (40 ගාථාව)

“තමත්ථං පටිවේදයි” යනු එවන් සැහැසිකම් හේතුකොටගෙන මහජනයා උද්ඝෝෂණය කරමින් රජුට සැල කළහ. සඤÆපෙන්වානු තොට විසින් මෙවැනි සැහැසිකම් නොකළ යුතු යන්නයි. මේ අනුව පැහැදිලි වන්නේ මහජනයා ප්‍රතික්‍ෂේප කළ සමාජයට පිළිලයක්‌ වූ පිය අවවාද පවා නොසලකා හැරි විජය පාපිෂ්ඨයකු බව නොවේද?

මහාවංශය නොතිබෙන්නට විජයගේ වර්ගය හෝ වංශයේ පැටිකිරිය අපට සොයාගත නොහැකි වනු ඇත. එබැවින් මහාවංශය පුරාවිද්‍යාත්මක මෙන්ම ඓතිහාසික මූලාශ්‍රයක්‌ ලෙස පරිශීලනය ඉතිහාස ගවේෂකයන්ට අත්‍යාවශ්‍ය වේ. විජය පිළිබඳව මහාවංශයට අනුවම ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ දහසය වියේ පසුවූ කුවේණි නම් (මහාපාලි කුමරිය) රවටා විවාහකොට ඇය අනාථභාවයට පත්කොට දරුවන් දෙදෙනෙක්‌ ද සමග මහමඟට ඇද දමා තවද ලංකාද්වීපය පාලනය කළ මහාකාල යක්‌ රජු ත්‍රස්‌තවාදී ගරිල්ලා ප්‍රහාරයකින් සිරිසවත්ථු පුරයේදී මරණයට පත්කොට එම රජුගේම රාජකීය ආභරණ පැළඳගෙන තම්මැන්නාවේ සිට පුත්තලම ආශ්‍රිත ප්‍රදේශ යටත්කොට සිටි (අනුරාධපුර සුළු කොටසක්‌ ඇතුළුව) ප්‍රභාකරන් හා සමානව රාජ්‍ය උරුමයක්‌ නොමැති විකෘති මානසිකත්වයකින් හෙබි ආක්‍රමණිකයෙකි. ඔහු මෙරට ආදි රජු ලෙස හඳුන්වාදී ඔහුගෙන් සිංහලයන් පැවත එනවා යෑයි ලංකා ඉතිහාසය උගන්වනු ලැබුවේ එවැනිම ආක්‍රමණික පිරිසක්‌ වූ පෙරදිග රටවල් මංකොල්ලකෑ විජාතික සුදු ජාතිකයන්ය. නමුත් මෙරට රජු පෙලපත (ඇතැම් රජුන් හැර) අතීත හෙළ ජනයා විජය මෙරට ආදිතම රජු සේ කිසිවිටෙකත් මූලාශ්‍ර ග්‍රන්ථවලින් පෙන්වා දී නොමැත.

රොජො ච වරරොජො ච තථා කල්‍යාණකාදුවෙ

උපොසථො ච මන්ධාතා වරකොපවරා දුවේ

මෙම ගාථාවේ තේරුම වනුයේ මහාසම්මත රජුට අනතුරුව ඔහු පුත් රෝජ, රොජගේ පුත් වරරෝජ ආදී රජ පෙලපත මෙරට රජ කළ බවය. එබැවින් වංසතථපපකාසිනී ටීකාවේ 11 පරිච්ඡේදයේ පහත ගාථාව

මහා සම්මතරාස්‌ස වංසජෝ හි මහාමුනි

කල්ලාදිස්‌මිං හි රාජායි මහාසම්මතනාමකෝ

බුදුන් වහන්සේ මහා සම්මත වංශයෙන් උපන් බව සඳහන් කරයි. මහා සම්මත රජුගේ වංශය මහාසම්මත වංශයයි.

වංසතථපපකාසිනියට අනුවම අපට පෙන්වා දිය හැක්‌කේ විජය වැනි ආක්‍රමණිකයකු මෙරට ප්‍රථම රජු ලෙස කිසිවිටෙකත් ඉතිහාසය පිළිගැනීමට ලක්‌ නොවී ඇති බවයි. ඉපැරණි රාවණා පෙළපතට අයත් පුස්‌කොළ ග්‍රන්ථ පරිශීලනයේදී විජය පෙළපතේ පැටිකිරිය හෙළිවේ. යක්‍ෂ ගෝත්‍රයේ ඇදවැටීම සඳහන් රක්‌ඛ ඉලෝතිලෝව පුරාණ පුස්‌තකය අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි. ඔහු සහ අනුගාමිකයෝ ඉන්දියානු සාගරයේ වෙළෙඳ නැව් මංකොල්ලකෑමේ යෙදී ඇති අතර, මහාකාල හෙවත් කාලබද්‍ර හෙවත් සතිස්‌කාල රජ විජය ලක්‌දිවට පැමිණෙන විට මෙරට අනුරාධපුර ප්‍රදේශයේ රජුවේ.

උහුදාරක ප්‍රවේණියෙන සතිස්‌කාල රජත බලපතිවී

(උපුටා ගැනීම – පරිගපූර්ණිකාව පුස්‌කොළ ග්‍රන්ථය)

ඉපැරණි රක්‌ඛ ඉලෝවිලෝව පුස්‌කොළ ග්‍රන්ථයකට අනුව ලංකාවේ අනුරාධපුරයේ රජු කාලභද්‍ර වන අතර ලංකාවේ වෙළෙඳ නැව් මංකොල්ලකෑ විජය ඇතුළු ආක්‍රමණිකයන් කුවේණිය හෙවත් මහාපාලි නම් තරුණ රණකාමී සෙම්පතිනියක්‌ යොදවා විජය ඇතුළු 700 ක්‌ අත්අඩංගුවට ගනු ලබයි. බුද්ධ පරිනිර්වානය සිදුවී තිබුණ මේ යුගයේ මොවුන් එළිමහන් සිරකඳවුරක රඳවා තැබූ අතර, විජය සහ කුවේණි (මහාපාලි) හමුවූ පොකුණ අදත් මානෑකන්දේ පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක්‌නොවී විනාශ වෙමින් පවතී. මේ පොකුණ දැනට හඳුනා නැති රිටිගල පොකුණට වඩා විශාලත්වයෙන් වැඩිය. මෙම පොකුණ පිහිටි භූමිය රාවණා යුගයෙන් පසු නීලගිරිය ලෙස වරිගපූරණිකාවේ සඳහන්වේ. නිලගිරිදේශය (මානෑව කඳුවැටිය) උපුටා ගැනීම යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු – ත්‍රිපිඨවේදී මානෑවේ විමලරතන හිමි,

කුවේණිය රවටාගත් විජය සිරිසවස්‌ථපුරයේදී කුවේණියගේ ද සහයෙන් කලාභද්‍රද මැරූ බව මහාවංශය තහවුරු කරයි. යම් යම් තොරතුරු එකඟවිය නොහැකි වුවත් විජයගෙන් සිදුවූ ආක්‍රමණයේදී යක්‍ෂ වංශයට බරපතල හානි සිදුවී ඇති බවට අපගේ පර්යේෂණ තුළින් තහවුරු වී ඇත. එබැවින් විජය යනු ලංකාවේ පාලනයට කිසිදු උරුමයක්‌ නොමැති පරදෙස්‌ ආක්‍රමණිකයෝ බව නොපැළිගැනීම ජාතියේ අවාසනාවකි. විජය පැමිණීමට ප්‍රථම මෙරට ම්ලේච්ඡ, වනචාරී, ගෝත්‍රික ජනයා විසූ බවට ප්‍රචාරය කරන ලද්දේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගේ මතවාද හිස්‌ මුදුනින් පිළිගත් ඇතැම් වංශ කථාකරුවන්ය. නමුත් විජය පැමිණීමට ප්‍රථම මෙරට උද්‍යාන, ප්‍රාසාද (දැවැන්ත මාළිගා), අක්‌ෂරක්‍රම, යානා තාක්‍ෂණ සහ චාරිත්‍ර වාරිත්‍ර, හෙළ සංස්‌කෘතිකාංග පැවැති බවට අප්‍රමාණ සාක්‍ෂි ඇත. රාවණ යුගයේ මහමෙවුනා උයන, මහාමේඝ වන උයන ලෙස හඳුන්වා ඇති අතර, එයට හේතුව වන්නේ රාවණාගේ දෙටුපුත් මේඝ නාද (උපේන්ද්‍රමිණික ලෙස රක්‌ඛ විජලකාව පුස්‌කොළ ග්‍රන්ථයක සඳහන් වේ.) මොහු උත්පත්තිය ලැබුවේ මෙම අලංකාර උද්‍යානයේය. එබැවින් මෙය මේඝ වනය නම් විය. මෙහි පිහිටා තිබූ කාල ප්‍රාසාදය විජය පැමිණෙන විට මෙරට පාලකයකු වූ මහාකාල යක්‌ රජුගේ මාළිගාව පිහිටියේ ද මෙම භූමියේය. එA බව මහාවංශයේ කාල ප්‍රාසාදයක්‌ ගැන හා මේඝ වනයක්‌ ගැන ලියවී ඇති ගාථාවන්ගෙන්ම පැහැදිලිවේ.

තවද මහින්දාගමනය සිදුවන විට ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලි පැවැති බවට පැහැදිලි සාධක මහාවංශයෙන්ම පෙන්වා දිය හැක.

තං නන්දනා දක්‌ණේය නයං ථෙරං රථෙසහෝ

ඹහාමේඝවනුයHඩ්නං පාචිනද්වාරකං නයි

තත්ථ රාජඝරේ රම්මේ මඤ්චපීඨානි සාධුකං

(උපුටා ගැනීම – මහාවංශය 15 පරි. 11 ගාථාව)

මහාමේඝ වනය හා මෙම රාජ ගෘහය පිළිබඳ ලිත සාධක මහාවංශයේම තිබීම ඉතිමහාසගවේශකයන්ට දේවානම් පියතිස්‌ස රජ යුගයේ ගොඩනැඟිස්ලි තිබූ බවට හා මේඝ වනය ලෙස හැඳින්වීම පිළිබඳ පැහැදිලි සාධකයකි.

මිහිඳු මහරහතන් වහන්සේට වාසස්‌ථානයක්‌ ලෙස මුලින්ම ලබාදී ඇත්තේ ද මෙම රමණීය රාජගෘහය වීම ආශ්චර්ය ජනකය. මහාවංශය 15 පරි. 11, 13 ගාථාවන් අධ්‍යයනයෙන් මෙම තොරතුරු ලබාගත හැක.)

එබැවින් මිහිඳු මා හිමියන් මෙරටට පැමිණෙද්දී ද ගොඩනැඟිලි නොපැවතියේ යෑයි පුහු තර්ක මතු කිරීමට විජය පරපුරට නොහැකි වනු ඇත. මෙරට ආක්‍රමණික වූ විජය විසින් ඝාතනය කළ මහාකාල (කාලභද්‍ර රජු) පසුකාලීනව කාල ප්‍රාසාදය පිහිටි වර්තමාන ජයශ්‍රීමහා බෝධි වහන්සේ ද පිහිටා ඇති මෙම භූමියේ කළු බණ්‌ඩාර දේවතාවා ලෙස වන්දනා මානයට ලක්‌වීම මොනතරම් ආශ්චර්යජනකද? එබැවින් ඉරුගල් බණ්‌ඩාර (රවි ශෛලාස පරපුර) කාලභද්‍ර යක්‌ රජු මරණින් පසු නෑයකුන් පිදීමේ සම්ප්‍රදාය අනුව යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් ජයශ්‍රීමහා බෝධි ආරක්‍ෂක දේවතාවා ලෙස ගෞරවාදරයට පත්කර ඇත. නමුත් අවාසනාවකට කළු බණ්‌ඩාර දේවතාවා එළාර රජු යෑයි පවසමින් ඉතිහාසය නොදත් ලිපිකරුවන් විසින් සමාජයට හඳුන්වාදීම කෙතරම් අවාසනාවක්‌ද?


ජාතිය පාවාදීමක යෙදුණු ලාබාල වියේ පසුවූ කුවේණිය හෙවත් මහාපාලිය අවසානයේ අත්කරගත් ඉරණම ද යකුන් දෙස්‌ තැබූ යක්‌දෙස්‌සාගල පුවතින් තහවුරුවේ. වර්තමාන කුරුණෑගල, විල්බාව ග්‍රාමයේ විලබාව රජමහා විහාරයේ පත්තිනි දේවාලය පිහිටා ඇති ගල්කුළු අසලදී කුවේණියගේ දිව කපා එක්‌ අතුල් පහරින් මරණයට පත් කළ ප්‍රතාපවත් යක්‌ පරපුරේ නරපතීහු විජයගේ දරුවන් පවා ජාතියට වැද්ද නොගත්හ. ජීවහත්ථ, දිසාලා ලෙස හඳුන්වන විජයට හා කුවේණියට දාව ඉපදුණු දරුවන් සමාජයට වැද්ද නොගත් යක්‍ෂ වංශය ඔවුන් සබරගිරි දේශයට පලවා හැරියහ. ඉන් පුලින්දයන් හෙවත් වැදි ජනයා ඇතිවූ අතර, විජාතික ලේ උරුම වැදි ජනයාගෙන් සිංහලයන් පැවත එනවා යෑයි පුහුතර්ක ඉදිරිපත් කරන්නන්ට ද බටහිර ඉතිහාසය මත ඉදිරිපත් කරන්නට ද දිය හැකි පිළිතුර වන්නේ නොදියුණු වැද්දන්ගෙන් හෙළ ජාතිය නොපැවතුණු බවය. නමුත් වැදි ජනයා ඔවුන්ගේ මුතුන්මිත්තන් රන් ආභරණ පැළඳි, ප්‍රාසාදයන්හි ජීවත්වූ දියුණු ජාතියක්‌ බව පෙන්වා දෙයි. එයට හේතුව වනුයේ කුවේණිය පාර්ශ්වයෙන් ජීවහත්ත, දිසාලාට ලැබුණු යක්‍ෂ ලේ උරුමය නිසාය. ඔවුන් මුතුන් මිත්තන් පිදීම (මළවුන් පිදීම) නෑ යකුන් පිදීම, බුදු දහම වැළඳ ගැනීම, යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් ලැබුණු ආභාෂය තුළින් අද දක්‌වාම කරගෙන යනු ලබයි.

බටහිර ඉතිහාසකරුවන් මෙරට හෙළ ජන සමාජය වැද්දන්ගෙන් හා විජයගෙන් පැවත එනවා යෑයි මෙරට අධ්‍යාපන ක්‍රමය තුළට එAත්තු ගන්වා ඇත. නමුත් ශ්‍රී රාවණා පරපුර කිසිවිටෙකත් මෙවැනි ඉතිහාසයකට පැවැත්මක්‌ ලබා නොදෙනු ඇත. මුනිදාස කුමාරතුංගයන්, අරිසෙන් අහුබුදු සූරීන් ඉදිරිපත් කළ මත අනාගතයේ මොහොන්දේජාරෝ හරප්පා, සුමේරියානු, මෙක්‌සිකෝ, මායා ශිෂ්ටාචාර ඉතිහාසය මතුවීමත් වැළලී ගිය ශ්‍රී රාවණ ඉතිහාසය හා හෙළ යුගය මතුවීම ද කිසිවෙකුටත් නොවැළැක්‌විය නොහැක

(ජලිත අමරසිංහ මහාතාගේ ලිපියක් ඇසුරෙනි)

Subscribe to RSS Feed Follow me on Twitter!